Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට වයස අවුරුදු 60 ඉක්මවූ කොරෝනා ආසාදිතයන් බාර නොගන්නේ යැයි පවසමින් කොරෝනා ආසාදිත කාන්තාවක් නැවතත් නිවසට ගෙනවිත් දමා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

නිදන්ගත රෝග රැසක් සහිත කෑගල්ල ප්‍රදේශයේ මවක් මෙසේ නැවතත් තම නිවසට ගෙනවිත් දමා තිබූ බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

දැනටමත් කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු වීමට නොහැකිව නිවස තුළ රැඳී සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ නමුත් එසේ රැඳී සිටින අය කිසියම් සංකූලතාවක් හෝ රෝග ලක්ෂණ ඇත්තේ නම් හැකි ඉක්මනින් තම සංගමයට දැනුම් දෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

මේ අතර හුස්ම ගැනීමේ සංකූලතා සහ කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති බවට සැකකෙ‍රෙන අවුරුදු 55 ට වැඩි අය වහාම වෛද්‍යවරයෙකු හමුවීමට හෝ ළඟම ඇති රෝහලකට යන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *