#TeamCNF

#TeamCNF පිළිබඳ ඔබ දැනුවත් ද?

Ceylonnewsfactory.Com වෙබ් අඩවිය ලෝකයේ සෑම කොනකම සිටින ශ්‍රී ලාංකිකයන්ටත් ශ්‍රී ලංකාව පිළිබඳව උනන්දු වන්නන්ටත් විසි හතර පැය පුරාවට පුවත් සහ අපේ ජීවතවලට විවිධාකාරයෙන් සමීප වූ තොරතුරු වඩාත් විශ්වසනීයත්වයෙන් යුතුව වේගයෙන් ලබාදීම අරමුණු කරගත් වෙබ් අඩවියකි.

තොරතුරු අපේ ජීවතවලට අතිශයින්ම වැදගත්ය.ඒවා පුවත් විය හැකිය.එසේම දැනුම පදනම් වූ තොරතුරු විය හැකිය.අපේ පෞද්ගලික ජීවිතවලටත් රටේ දේශපාලනයටත් රාජ්‍ය තාන්ත්‍රියට සේම සමාජ,ආර්ථික ප්‍රගතියටත් මේ තොරතුරු අතිශය වැදගත්ය.

මේ තොරතුරු අන්තර්ජාලය හරහා වඩාත් විශ්වසනීය සහ ගුණාත්මක ලෙස සැමට පෙර ලබාදීම Ceylon News Factory අපගේ දැක්මයි.

#TeamCNF යටතේ ක්‍රියාත්මක අපගේ වෙබ් අඩවිය මෙහෙයවන්නේ මෙරට මාධ්‍යකරණයේ සුවිශේෂ අත්දැකීම් සහ පලපුරුද්ද ඇති මාධ්‍ය වෘත්තිකයන් කණ්ඩායමකි. එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන විවිධ විද්‍යාර්ථයින් රැසැක් ද සමඟ ජනතාවට වගකියන මාධ්‍යකරණය තම හුස්ම කරගත් කණ්ඩායමක් එක්ව සිටී.

සමාජ මාධ්‍ය තුළ අප සුවිශේෂී වන්නේ ඇයි?

මසක් තුළ මිලියන පහක ජනතාවට Facebook හරහා ආමන්ත්‍රණය කරනු ලබන අප කණ්ඩායම පුවත් සේවාව කඩිනමින් ම ලබාදීම සඳහා WatsApp සමාජ මාධ්‍ය භාවිතා කරනු ලබන අපගේ WatsApp සමූහයන් තුළ සක්‍රීය ග්‍රාහකයන් 25000 කට අධික ප්‍රමාණයක් සිටින අතර,You Tube,Instergrm, Telegram,Tik Tok සමාජ මාධ්‍යන්ද මේ වනවිට අප විසින් අතික්‍රමණය කොට හමාරයි.මසකට මිලියනයකට අධික ග්‍රාහකයින් ප්‍රමාණයක් අපගේ වෙබ් අඩවිය පරිශීලනය කරනු ලබන්නේ සමාජ මාධ්‍ය තුළ අප අත්කොටගෙන ඇති විශ්වසනීයත්වය නිසාවෙන්මයි.

ප්‍රබල මාධ්‍ය ආයතන විවිධ අරමුණු මත පදනම්ව සිය මාධ්‍ය පණිවිඩ සමාජගත කරමින් සිටි මොහොතක එහි ගැටලුව හඳුනාගත් කුඩා කණ්ඩායමක් සත්‍ය සමාජගත කිරීම සඳහා ගත් උත්සාහයක එක් පියවරක් ලෙස #TeamCNF හඳුන්වාදිය හැකිය. Ceylon News Factory පුවත් වෙබ් අඩවිය එහි ආරම්භක පියවර ලෙස හඳුන්වා දිය හැකිය.