Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ මුහුණට කොවිඩ් රෝගියෙකු කෙළ ගසා ඇති සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේ රෝගියා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට මාරු කිරීමට පීඑච්අයි නිලධාරියා උත්සාහ කර ඇති බවයි.

PHI නිලධාරියාගේ රාජකාරිවලට බාධා කරමින් රෝගියා රෝහලට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව ඔහුගේ මුහුණට කෙළ ගසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව රෝගියාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහතා පැවසුවා.

කොරෝනා රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් නොවැම්බර් මාසයේ සිට බණ්ඩාරගම – අටලුගම හුදෙකලා කර තිබෙනවා.

මේ අතර මහජන හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ මේ වනවිට අටුලුගම ප්‍රදේශයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 300 ට ආසන්න පිරිසක් නිවෙස් තුළට වී සිටින බවයි.

අටුලුගම ප්‍රදේශයේ පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ආගමික නායකයින්ගේ අවධානයද ලැබිය යුතු බවද මහේන්ද්‍ර බාලසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *