තරඟාවලියේ තමන් මුහුණ දෙන සිව්වන තරඟය වෙනුවෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද නව නිළ ඇඳුමකින් සැරසී පිටියට පැමිණියා. මෙම නිල ඇඳුමේ වර්ණය ඔවුන් හඳුන්වන්නේ ‘ඔක්සිජන් නිල් පැහැය’ (Oxygen Blue) ලෙසයි. ඔවුන් මෙම නිල ඇඳුමට ඔක්සිජන් නිල් පැහැය ලබාදෙන්නේ ‘ස්වභාවධර්මය මත රඳාපවතින බව’ සංකේතවත් කිරීමටයි.

විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරන්නේ යාපනය යනු වැසි ජලයෙන් ප්‍රාණවත් වන කෘෂි කර්මාන්තය මත යැපෙන ප්‍රදේශයක් බවයි. එනිසා ස්වභාවධර්මය විසින් මිනිසාට ලබා දෙන දායාදයන්ට උපහාර පිදීමක් වශයෙන් මෙම නිල ඇඳුමෙන් යුතුව තමන් ක්‍රීඩා කරන බව ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයේ සඳහන්.
මේ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නව වන තරගය වෙනුවෙන් පිටියට පිවිසියේ ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම්. මෙම තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද (03) සමත් වුණා.
ගාලු කණ්ඩායම ලැබූ මෙම පරාජය මෙවර තරගාවලියේ දී ඔවුන් අඛණ්ඩව ලැබූ සිව්වන පරාජය වන අතර, ගාලු කණ්ඩායම මෙවර තරග වාරයේ දී මෙතෙක් කිසිදු තරගයක් ජය ගැනීමට සමත් වී නැහැ. තරගය පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී.
ගාලු කණ්ඩායමේ නායක ෂහිඩ් අෆ්රිඩි පෞද්ගලික හේතුවක් මත තාවකාලිකව තරඟාවලියෙන් ඉවත් වුනා. ඒ අනුව අද දින කණ්ඩායමේ නායකත්වය දැරුවේ භානුක රාජපක්ෂ. ඒ අනුව තරගයේ කාසිය වාසිය දිනාගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 44කදී ලකුණු 56ක් වාර්තා කරමින් තරගයට හොඳ ආරම්භයක් ලබා දුන්නා.

චැඩ්වික් වෝල්ටන් පන්දු 14ක් තුල ලකුණු 31ක් රැස් කලා. අසාන් අලි ලකුණු 29ක් පන්දු 25කදී රැස්කල අතර අසාම් ඛාන් පන්දු 14කදී ලකුණු 25ක් රැස් කලා.
පන්දු යැවීමේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිදු හසරංග කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 29ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. උස්මන් ශින්වාරි, ධනංජය ද සිල්වා සහ
සුරංග ලක්මාල් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
පිලිතුර ඉනිම සඳහා පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ඨ පිතිහරඹයෙන් සවිමත් වෙමින්.
ඔහු පන්දු 59කින් ලකුණු 84ක් ලබා ගත්තේ හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමගින්.
මිනෝද් භානුක පන්දු 26කින් ලකුණු 40ක් ලබා ගත් අතර, පන්දු 7කින් නොදැවී ලකුණු 17ක් රැස් කරගැනීමට වනිදු හසරංග සමත්වුණේ අලංකාර හතරේ පහර 4ක් සමගින්.

පන්දු යැවීමේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිද හෙලූ අතර, ෂෙහාන් ජයසූරිය, අකිල ධනංජය සහ ධනංජය ලක්ෂාන් ඒක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
ගෝල් ග්ලැඩියේටර්ස් 170/6 (20 Ov, RR: 9.25) | |
ධනුෂ්ක ගුණතිලක – පන්දු 44 කින් ලකුණු 56 චැඩ්වික් වෝල්ටන් – පන්දු 14 කින් ලකුණු 31 අසාන් අලි – පන්දු 25 කින් ලකුණු 29 | වනිදු හසරංග 2/29 සුරංග ලක්මාල් 1/18 ධනංජය ද සිල්වා 1/27 |
ජැෆ්නා ස්ටැලියන්ස් 174/5 (19.4 Ov, RR:8.84) | |
අවිශ්ක ප්‍රනාන්දු – පන්දු 59 කින් ලකුණු 84 මිනෝද් භානුක – පන්දු 26 කින් ලකුණු 40 වනිදු හසරංග – පන්දු 7 කින් ලකුණු 17 | අසිත ප්‍රනාන්දු 2/30 ෂෙහාන් ජයසූරිය 1/20 ධනංජය ලක්ෂාන් 1/24 |
තරඟයේ වීරයා : අවිශ්ක ප්‍රනාන්දු
නවවන තරගය: ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස්
ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය
ගාලු කණ්ඩායම මේ වන විට තමන් සහභාගී වූ තරග හතරම පරාජයට පත් වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන අතර, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තමන් සහභාගී වූ තරඟ හතරම ජයගෙන ලකුණු සටහනේ පෙරමුණේ පසු වනවා.

– සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර –