සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 1 දා සිට දිවයින පුරා සිනමා ශාලා විවෘත කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී තිබේ.
අගමැති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර මේ බව කියා සිටියේ ය.
ඒ අනුව, හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් සියලු ප්‍රදේශවල සිනමා ශාලා ජනවාරි පළමුවන දා සිට විවෘත කෙරෙනු ඇත.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිනමා ශාලා වසා තැබීම නිසා සිනමා කර්මාන්තය මුහුණ පා සිටින අර්බුධකාරී තත්ත්වය අවම කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව එම නිවේදනයේ සඳහන් ය