ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර IPL තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අදක්ෂතාවයක් නිසා නොවන බව හිටපු ක්‍රිකට් නායක සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්යක්ෂ කුමාර් සංගක්කාර පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙවර සම්පූර්ණ අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් පැවැති අවිනිශ්චිතතාවය ඊට හේතු වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
IPL තරගාවලි ඉතිහාසයේ පළමු වරට මෙවර තරගාවලිය සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ.
පසුගිය 18 වනදා පැවැති ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව සිටියද ඉදිරිපත් කෙරුණේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.
ඔවුන් මිලදී ගැනීමට ද කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග සංචාර වැඩපිළිවෙල සම්බන්ධයෙන් තියෙන අවිනිශ්චිතභාවය තමයි තීරණාත්මක සාධකය වෙන්නේ. ඒ නිසා ගොඩක් අමාරුයි අනුමාන කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කොපමණ කාලයක් මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙයි ද කියලා.” යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගක්කාර සදහන් කළා.