Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (22) මධ්‍යම රාත්‍රීයේ සිට සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
නමුත් එම වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ‘ලොකෝමෝටිව් ඔපරේටින් ඊංජිනියර්ස්’ රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළා.

මෙම වර්ජනය ආරම්භ කිරීමට සූදානම් වූයේ, මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන් ගලවා නැවත ඉදිකිරීමට ගෙන ඇති තීරණය වහා නතර කරන ලෙස බලකරමිනි.

මෙම ගැටලුව සම්බන්ධව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (23) පෙරවරුවේ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වීමත් සමඟ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *