ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
25 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර අදාළ සැකකරු විසින් ටික්ටොක් නැමැති මාධ්‍ය හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්රවෘත්ති පළකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා
ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්රවෘත්ති ඔහු විසින් නිර්මාණය කර ඇති බවට ද තොරතුරු හෙළිවී තිබෙනවා.
මුලතිව් ප්‍රදේශයේ උපත ලැබූ මොහු හැටන් ප්‍රදේශයේ ජීවත් වන අයෙක් බවද සඳහන්