Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රටේ මුළු ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් වෙයි.

ඒ අනුව covax පහසුකම යටතේ කොවිඩ් 19 එන්නත් ලබාගැනීම කඩිනම් කිරීමට හැකිවන අයුරින් covax යාන්ත්‍රණය මගින් ඉදිරිපත් කර ඇති ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.

ඉන්දියාවේ The Serum Institute Life Sciences Private Limited වෙතින් සෘජු ප්‍රසම්පාදනයක් වශයෙන් Oxford AstraZeneca එන්නත් මිලියන 10ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනිම සඳහා මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ AstraZeneca ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් 196 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *