Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු මේ බව නිවේදනය කළා.

2005 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු සිය වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 31කට, එක්දින තරග 235කට සහ 20යි 20 තරග 26කට ක්‍රීඩා කළා.

එහිදී ටෙස්ට් ලකුණු 1,754ක්, එක්දින ලකුණු 6,951 ක් සහ 20යි 20 ලකුණු 407ක් රැස් කිරීමට ඔහු සමත් වුණා.

ඊට ටෙස්ට් ශතක 3ක් සහ එක්දින ශතක 15ක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති උපුල් තරංග 2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලියන්හීදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ද කණ්ඩායමට සුවිශේෂී සේවයක් ඉටු කරනු ලැබුවා.

My Dear Friends, As the good old saying goes “All good things must come to an end”, I believe it is time for me to bid…

Posted by Upul Tharanga on Tuesday, February 23, 2021
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *