Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ක්‍රීඩා පිළිබඳ උනන්දු ඕනෑම අයෙකුට ඉම්රාන් ඛාන්ගේ නම ඇසුන පමණින් සිහියට නැගෙන්නේ ඉම්රාන් ඛාන් නමැති ක්‍රිකට් ක්‍රීඩකයාය. 18 හැවිරිදි ඉම්රාන් ඛාන් 1971 වසරේ දී එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර​ ක්‍රිකට් අත්පොත් තබයි.

ලොව එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ටම ගණයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉම්රාන් ඛාන්, ටෙස්ට් ක්‍රීඩා පිටිය තුළ තුන් ඉරියව්වෙන් දක්වා තිබෙන දස්කම් දෙවැනි වන්නේ ශ්‍රීමත් ගැරී සෝබර්ස්ගේ දස්කම් වලට පමණකැයි බොහෝ දෙනාගේ මතයයි. එක්දින සහ ටෙස්ට් යන දෙඅංශයෙන්ම හොඳම දස්කම් දක්වා ඇති ශ්‍රීමත් ඉයන් බොතම්, ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි, කපිල් දේව්, සනත් ජයසූරිය සහ ජාක්ස් කාලිස් යන ක්‍රීඩකයන් අතරට ඉම්රාන් ඛාන්ගේ නමත් එකතුවන්නේ නිරායාසයෙනි.

1992 වසරේ දී ජාත්‍යන්තර​ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඉම්රාන් ඛාන් 2010 වසරේ දී ICC ය විසින් ICC Cricket Hall of Fame නොඑසේනම් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන්​ගේ ලයිස්තුවට ඇතුලත් විය.

2018 වර්ෂයේදී පාකිස්තානු මහා මැතිවරණය ජයග්‍රහණය කළ තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ නිර්මාතෘ වන්නේ ඉම්රාන් ඛාන්ය. ඔහු විසින් 1996 වසරේ දී එම පක්ෂය පිහිටුවන ලදී. කෙසේවෙතත් එම පක්ෂය ඉදිරිපත් වූ පළමු මහා මැතිවරණයෙන් ඔවුන්ට එකදු ආසනයක් හෝ ජයගැනීමට නොහැකි විය. නමුත් 2002 වසරේ දී පැවති මහා මැතිවරණයේ දී එක් ආසනයක් හිමිකරගත් එම 2008 වසරේ පැවති පාකිස්තානු මහා මැතිවරණයට සහභාගී නොවූයේ හදිසි නීතිය යටතේ මැතිවරණය පැවැත්වීම නිසාය.

2013 වසරේ පැවති මහා මැතිවරණයට ඉතා ශක්තිමත්ව මුහුණදුන් ඉම්රාන් ඛාන් ඇතුළු පක්ෂය එහිදී 16.92% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගන්නේ ආසන 35 ක් පක්ෂයට ලබාගනිමිනි. ඉන්පසු තමන්ගේ පක්ෂය තව තවත් ව්‍යාප්ත කරනා ඉම්රාන් ඛාන් විවිධ මාර්ග ඔස්සේ ජනතාවට සිය පක්ෂය සමීප කරලීමට කටයුතු කරන ලදී. ඉන් නොනැවතුන ඔහු ජනතාවට තිබෙන ප්‍රශ්න වෙනුවෙන් හඬනැගූ අතර සිය සමාජ සේවා මෙහෙවරද ඉදිරියට කරගෙන ගියේය.

එම ක්‍රියාවල සහ පැවති පසුගිය රජයන් කෙරෙහි ජනතාව දැක්වූ අප්‍රසාදයේ ප්‍රතිඵලයක් වශයෙන් 2018 පාකිස්තානු මහා මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය ජය ගනිමින් ඉම්රාන් ඛාන්, පාකිස්තානයේ 22a වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්හ.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති වීම සඳහා බොහෝ සුදුසුකම් සැපිරූ අයෙකි. වසර 20 ට වැඩි දේශපාලන අත්දැකීම්, වසර 20 ට වැඩි කාලයක් ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම, ඉතා ඉහළ අධ්‍යාපනයක් ලැබූවෙකු වීම, සමාජ සේවා රාශියකට මුල් වීම, ඇතුළු බොහෝ සුදුසුකම් වලින් ඔහු සමන්විතයි. පාකිස්තානු අගමැති ලෙසින් ඉම්රාන් ඛාන් ඉදිරිපත් කල සැලසුම හැඳින්වුයේ ආසියාවේ දේශපාලන නායකයෙකු, ‘පොඩි මිනිසා‘ වෙනුවෙන් මේ තාක් කාලයකට ඉදිරිපත් කර ඇති හොඳම සැලසුම ලෙසයි.

ඒ අතර පාකිස්ථානයේ ණය කන්දරාව අවසන් කිරීම, එරට දරුවන්ගෙන් 45%ක ප්‍රතිශතයක් මුහුණ දෙන   ළමා මන්දපෝෂණයට පිළිතුරු සෙවීම , දුප්පත් පොහොසත් භේදය තුරන් කිරීම යනාදී කරුණු ඇතුලත්. අගමැති ඉම්රාන් ඛාන් ප්‍රධාන කරුණු 5 කින් සමන්විත න්‍යාය පත්‍රයක් රටට මේ සමගම හඳුන්වා දුන්නේය.

‘‘පළ නීතිය හැමටම සමාන වීම තුල නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමටත්, සකාත් නම් ප්‍රගතිගාමී බදුක්‍රමයක් හරහා ධනවතුන් දුප්පතුන් ට උපකාර කරනු පිණිස වැඩියෙන් බදු ගෙවීමේ ක්‍රමයක් ක්රියාත්කම කිරීමත්, සානුකම්පිත බව මුලික කරගැනීම තුල සතුන් හොඳින් රැක බලා ගැනීම පිලිබඳ අදහස සමාජගත කිරීමත්, සියළු ජනතාවය අධ්‍යාපනය ලබාදීමත් ඒ අතරට ඇතුලත්.

මේ ඉලක්කවලට යාම සඳහා සිය ක්‍රියා පිළිවෙතක්ද ඔහු සතු වුනා.

පළමුව ඔහු රටේ වියදම් කපා හැරීම සඳහා ක්රියත්කම වුණා. අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙක දක්වා අඩු කිරීම, නිළ නිවාස සහ මෝටර් රථ අඩු කිරීම මෙන්ම රට පුරා වියදම් කපා හැරීමේ ක්‍රම සොයාබැලීම සඳහා විශේෂ කමිටුවක් ද ඔහු විසින් පත් කළා.

ඉම්රාන් ඛාන් දිගින් දිගටම අවධාරණය කළේ දුප්පතුන් ව ධනවතුන් විසින් රැක බලා ගත යුතුය යන කාරණයයි.

ඉම්රාන් ඛාන්ගේ මැතිවරණ පොරොන්දුවල ප්‍රබලතම සාධකයක් වූයේ කාන්තාවන් සවිබල ගැන්වීම ය. ඔහු වැන්දඹුවන් සඳහා දේපල නඩු කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමේ උත්සාහයක ඔහු නියැලුනා.

තරුණයන්ට පොලී රහිත ණය ලබාදීම මගින් තරුණයන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට ද ඉම්රාන් ඛාන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

– ශාෂිංක විදුසර –

සම්පුර්ණ විස්තර සහිත වීඩියෝව පහලින්

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *