Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

එළඹෙන මැයි එකොළොස් වැනිදායින් පසු කොරෝනා වසංගතය තවදුරටත් වර්ධනය නොවන්නේ නම් හෝ පාලනය වන්නේ නම් රජය විසින් සාමාන්‍ය ජන ජීවිතයක් උදෙසා නව ජීවන රටාවකට අපව යොමු කිරීමට සූදානම්. එසේනම් මහජනතාව වශයෙන් අප විසින් කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ මොනවාද?

පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නෙ  නම් අප විසින් කල යුතු දැ මොනවාද?

  • පොදු ප්‍රවාහන සේවයේ ආසන ධාරිතාව 50% ක් ලෙස භාවිතා කරන්න.
  • සැමවිටම එකිනෙකා අතර දුර අවම වශයෙන් මීටරයක් වත් පවත්වාගන්න.
  • පිවිසුම්ස්ථානයේ දී හැකි සෑම විටම පිරිසිදු කාරකයකින් දෑත් පිරිසිදු කර ගන්න.
  • ඔබේ මුඛ ආවරණය නිවැරදිව පළඳින්න.
  • අවම ගමන්මලු භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යන්න.
  • සෑම විටම ඔබේ ජංගම දුරකථන හා පසුම්බිය ඔබගේ සාක්කුවේ හෝ අත් බෑගයේ තබාගන්න.
  • හැකි සෑම අවස්ථාවකදීම මුදල් හුවමාරු කිරීම්කින් තොරව අදාළ නියමිත මුදලම ලබා දෙන්න.
  • භාවිතා කළ ටිෂූ කඩදාසි සහ මුඛ ආවරණ සැමවිටම පියන සහිත කසල බඳුනකට ආරක්ෂිතව බැහැර කරන්න.
  • පොදු ප්‍රවාහනය භාවිතා කිරීමෙන් පසු දෑත් වල සබන් ගා අවම වශයෙන් තත්පර විස්සක්වත් සෝදන්න.
  • රැකියාවට හෝ අත්‍යවශ්‍ය කාරණයකට යන්නේ නම් හැකි සෑම අවස්ථාවකදීම ඔබ ඇවිද යන්න.
  • නිතර ස්පර්ශ වන පෘෂ්ඨයන් සේවා සැපයුම්කරුවන් විසින් හැකි සෑම අවස්ථාවකදීම පිරිසිඳු කළ යුතුයි.

පොදු ප්‍රවාහන භාවිතයේදී අප විසින් නොකළ යුතු දෑ මොනවාද?

  • ඔබට සුළු සෙම් සෙම්ප්‍රතික්ෂාව තත්ත්වයක් ඇත්නම් පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකළ යුතුයි
  • අත්‍යවශ්‍ය කාරණයකට හැර ප්‍රවාහන සේවා භාවිතා නොකළ යුතුයි.
  • මුඛය, නාසය සහ ඇස් ස්පර්ශ කිරීම් නොකළ යුතුයි.
  • ආධාරකයන් , දොර වැනි නිතර ස්පර්ශ වන මතුපිට පෘශ්ටයන් හැකි සෑම අවස්ථාවකදීම ඇල්ලීම නොකළ යුතුයි

ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත්වන ක්‍රියාවලියේදී  මේ වසංගතයෙන් මිදීමට ප්‍රවාහනයේ දී අප විසින් ඉතා සැලකිලිමත් විය යුතුයි.

අප සිය සියලු දෙනා එක්ව Covid මාරයා පරාජය කරමු

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *