Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

කාම්බෝජයේ මගාවා” යන සුරතල් නමින් හඳුන්වන මීයෙකුට එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන PDSDA නම් සත්ත්ව සුබ සිද්ධිය සඳහා ක්‍රියාත්මක ආයතනයක් මගින් රන් පදක්කමක් ප්‍රධානය කර තිබෙනවා.

ඒ කාම්බෝජයේ පැවති සිවිල් යුද සමයේ දී එරට විවිධ ප්‍රදේශවල වළ දමා ඇති බිම් බෝම්බ සොයා ගැනීමට උපකාරී වී හේතුවෙන්.

“මගාවා” යන සුරතල් නමින් හඳුන්වන එම මීයා මේ දක්වා බිම්බෝම්බ 39ක් සහ පුපුරණ ද්‍රව්‍ය අවස්ථා 28කදී සොයාගැනීමට සමත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

තවද, 7 හැවිරිදි “මගාවා” ව පුහුණුකර ඇත්තේ බෙල්ජියමේ ලියාපදිංචි ව ඇති ඇපොපෝ නම් ආයතනය බවද සඳහන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *