Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් කාන්දුවක් සෙවීම සඳහා ගගනගාමීන් රාත්‍රිය පුරා අවදි වී සෝදිසි සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කාර්ය මණ්ඩල සාමාජිකයින් සති කිහිපයක් පුරා මෙම ඔක්සිජන් කාන්දුව සිදුවන ප්‍රභවය සොයමින් සිට තිබුණත්, පසුගිය සඳුදා දිනයේ වායු කාන්දුවීමේ ප්‍රමාණය වර්ධනය වනවිට ඔවුන් එය සෙවීමේ සෝදිසි ප්‍රමාණය වැඩි කර තිබෙනවා.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ උෂ්ණත්ව වෙනසක් සිදුවීමත් සමග මෙසේ වායු කාන්දුවක් ඇති බවට ඔවුන් සැක පහළ කර තිබෙනවා.

පෘථිවියේ සිටින කණ්ඩායම් විසින් කරන ලද විශ්ලේෂණයන් මගින් රුසියානු මොඩියුලයක් තුළ ඇති ප්‍රධාන මෙහෙයුම් මැදිරියක මෙම කාන්දුව ඇති බව විශ්වාස කෙරෙනවා. මෙම මොඩියුලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා ජීවිත ආධාරක උපකරණ අඩංගු වන අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු සඳහා වාසස්ථාන පවතිනවා.

ඔක්සිජන් පිටවන නිශ්චිත ප්‍රදේශය නිශ්චය කර ගැනීම සඳහා වැඩිදුර විශ්ලේෂණයක් අවශ්‍ය බව නාසා ආයතනය පවසනවා.

වර්තමාන කාන්දුවීම් අනුපාතය අනුව එය කාර්ය මණ්ඩලයට ක්ෂණික අනතුරක් නොවන බවත්, එය කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ දෛනික කටයුතුවල සුළු පසුබෑමකට හේතු වන බවත් නාසා ආයතනය වැඩිදුරටත් පවසනවා.

Location Of International Space Station’s Air Leak Found–Almost

NASA and Roscosmos have determined the location of an air leak on the International Space Station.On Monday night, the small leak seemed to have grown quickly, and ground control wanted to find it immediately.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *