Contact Information

Main Street, Colombo, Sri Lanka

WhatsApp & Email

කහතුඩුව ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රසිද්ධ ඇගළුම් (හයිඩ්‍රාමනි) කම්හලක හෙදියකටත් covid-19 ආසාධනය වී ඇත මෙම හෙද නිලධාරිනිය පසුගිය දා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ යහළුවෙකුගේ විවාහ මංගල උත්සවයක් සදහා සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණය විය.

පසුව මෙම තැනැත්තිය පෞද්ගලික රෝහලකින් PCR පරික්ෂණයක් සිදුකරගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු දැනුවත් කර නොමැති බවට වැඩිදුරටත් අනාවරණය විය.

මෙම ආයතනයේ සේවක සේවිකාවන් ගේ PCR කටයුතු කහතුඩුව සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේවන විටත් සිදු කරනු ලබයි.

මෙම ආයතනයේ සේවක සේවිකාවන් 2600 ආසන්න ප්‍රමාණයක් සේවය කරන බවට වැඩිදුරටත් දැන ගැනිමට ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *