Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නාරාහේන්පිට පිහිටි කම්කරු මහ‍ ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් හතර දෙනෙකුට හා රියැදුරෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, නාරාහේන්පිට පිහිටි කම්කරු මහ‍ ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ලේ සේවයේ නියුතු පුද්ගලයෙක් පසුගිය දා පෑලියගොඩ මාළු වෙළඳ සලට ගොස් ඇති බවය.

ඒ හේතුවෙන්, අදාළ සේවකයා පෞද්ගලික රෝහලක පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වී තිබේ. නමුත් එම පරීක්ෂණයෙන් ඔහු ආසාදිත නැතැයි ‍අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, එම සේවකයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගිය අයෙකු නිසා ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කර ඇත.

එහිදී මෙම පුද්ගලයන් 5 දෙනා කොරෝනාවෛරසය ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

ආසාදිතයන් 5 දෙනා ප්‍රතිකාර සඳහා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යැවූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසීය.

මේ අතර, එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 15 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ද හෙට (30) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කිරීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.

එසේ ම, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගිය සේවකයා ද අද (29) නැවතත් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කර ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *