Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බේරුවල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් උසස් පෙළ සිසුවෙක්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය එස්.ටී.වී ගුණවර්ධන මහතා ඒ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,

“පෙරේදා පීසීආර් පරීක්ෂණ 81ක් කරා PHI මහත්වරු ඒකෙන් 30ක් පොසිටිව් කියලා වාර්තා වෙනවා. එයින් 29ක්ම බේරුවල ප්‍රදේශයේ. එකක් තමයි කළුතර ප්‍රදේශයට යන්නේ. එතකොට එතැන බරපතළ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මොකද උසස් පෙළ කරන දරුවෙකුත් ඒ අතර ඉන්නවා. දැන් කටයුතු ලෑස්ති කරලා තියෙනවා උසස් පෙළ කරන දරුවාට ඒ අවශ්‍ය විභාග කටයුතු කරන්න පුළුවන් විදියට IDH රෝහලට මාරු කර යවන්න අපි ඉල්ලීමක් කරලා තියෙනවා. බොහෝවිට ඒක හරියයි. අනිත් රෝගීන්ව බිංගිරිය ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට මාරු කරලා යවන්න සියලු කටයුතු සුදානම්.“

මේ අතර, බේරුවල වරාය ආශ්‍රිතව සිදුකළ පී.සී.ආර් පරික්ෂණවලින් වරායට පිටින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ජී සිංහබාහු මහතා පවසයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *