කංජිපානි ඉම්රාන්ට ඇප !

1 Min Read

පුද්ගලයන් ඝාතනය කිරීම හා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම් වැනි අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ද පාතාල නායකයෙකු වූ ද කංජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් ඉම්රාන් ඇප මත මුදා හැරියේ ය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද අද (දෙසැ. 20) එම නියෝගය නිකුත් කළේ ය.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුට විමර්ශන කටයුත්තකදී දුරකතනයෙන් මරණීය තර්ජන කළේ යැයි කියන සිද්ධියකට අදාළව ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබු නඩුවකින් ද සැකකරු එලෙස රුපියල් ලක්ෂ 50 ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

ඒ අනුව, සැකකරු සියලු නඩුවලින් ඇප මත මුදා හැර තිබේ.

Share This Article
Leave a comment