Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තම බිරිඳ පැහැරගෙන ගියැයි චෝදනා කරමින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කිරිබත්ගොඩ පොලිසිය පවසනවා.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා රාත්‍රී 9.45ට පමණ ඔහුගේ නිල රථයෙන් තම බිරිඳ රැගෙන යන නුවර මාර්ගයේ ගමන් කරමින් සිටින බවට ලැබුණු තොරතුරකට ඔවුන් හඹා ගිය බවත්, පසුව ඔවුන් නුවර පාර දළුගම කැළණීය ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වූ බවත් එම ස්ථානාධිපතිවරයා සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී දෙපාර්ශ්වය අතර යම් බහින්බස් වීමක් සිදුවී ඇති අතර අදාළ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලීසියට පැමිණ පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසියේ උසස් නිලධාරියකු දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙම පැමිණීල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් සිටින බවයි කිරිබත්ගොඩ පොලීසිය පවසන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *