Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමේ සැලැස්මක් ඇති බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු කර තිබෙන ප්‍රකාශය පසුපස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් මෙරටට කර තිබෙන බලපෑම මෙන් ම පසුගිය දිනවල දැඩි අවධානයක් යොමු වූ නැගෙනහිර ජැටිය සම්බන්ධ සිදුවීම් හේතුවක් විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති, නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහය ශ්‍රී ලංකාවට වැදගත් වන නිසා ඒ මත පිහිටා මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ වුවමනාවක් ඉන්දියාවට තිබිය හැකි බව ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

කෙසේ වෙතත් නීතිය අනුව ඉන්දියාවේ දේශපාලන පක්ෂයක් හෝ පක්ෂයකට අනුබද්ධ ශාඛාවක් ලංකාවේ ලියාපදිංචි කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.

තව ද එම ප්‍රකාශය තුළ වක්‍රව යම් යටත් විජිතවාදයක් පෙනෙන්නට තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

“මෙය ඉන්දියාවේ දේශපාලන ව්‍යාප්තවාදයේ නව මොඩ්ල් එකක් විය හැකියි. ඔවුන් හිතනවා ඇති ලංකාව, නේපාලය වගේ රටවල දුර්වල ආණ්ඩු තිබෙන බව. ඔවුන්ට අවශ්‍ය දේවල් හරි ලේසියෙන් කරන්න. එය සම්පූර්ණයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. එය රටක අභ්‍යන්තර කටයුතුවලට අත දැමීමක්. රටක අභ්‍යන්තර දේශපාලනයට මැදිහත්වෙලා අවුල් කිරීමේ උත්සහයක්.

මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දේශපාලන අයිතීන් පිළිබඳ කමිටුවට ඉදිරිපත් කර එවැනි සැලැස්මක් ඇත්නම් එය පරාජය කිරීමට කටයුතු කළ යුතුයි,” යැයි ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *