Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

COVID 19 කාර්ය සාධක බලකායේ ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙතෙක් COVID-19 අවදානම සාපේක්ෂව අඩු දිස්ත්‍රික්ක ගණනාවක රෝගීන් හමුවීමක් නිරීක්ෂණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

අඩු අවදානම් දිස්ත්‍රික්ක ලෙස මීට පෙර සලකනු ලැබූ කුරුණෑගල වැනි ඇතැම් දිස්ත්‍රික්ක වල රෝගය ඇති බවට හඳුනාගත් නාවික හමුදා නිලධාරීන් සමඟ ගැටුණු පවුලේ සාමාජිකයින්ට පවා රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

මීට පෙර අඩු අවදානමක් සහිත දිස්ත්‍රික්ක ලෙස සැලකූ අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වැනි ප්‍රදේශවලින් කොරෝනා වයිරස් රෝගීන් හඳුනාගෙන ඇති බව එම සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව ඇතිව තිබෙන නව ප්‍රවණතා සැලකිල්ලට ගෙන, තත්වය පාලනය වන තුරු ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව පියවර ගැනීමට කටයුතු කරන ලෙස ලිපිය මඟින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යුද හමුදාපති තුමන්ට යොමුකළ ලිපිය පහතින්

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *