Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා වශයෙන් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත් කර තිබෙනවා. එම කණ්ඩායම විසින් නිල වශයෙන් අද (25) මෙය නිවේදනය කර සිටියා.

නායකත්වය සදහා  විකල්ප ගණනාවක් සංචිතය තුළ තිබෙන බවත් නායකයා තේරීමට පෙර ක්‍රීඩකයින් සමග පුහුණු සැසි කිහිපයක් පැවැත්වීමට අවශ්‍ය බවත් දඹුල්ල කණ්ඩායමේ පුහුණුකරු ඔවයිස් ශාහ් මීට පෙර සදහන් කර තිබුණේ. කෙසේ නමුත් LPL තරගාවලියේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව එම කණ්ඩායම ⁣නිවේදනය කර අවසන්.

ඒ අනුව දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ සංචිතය සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල , උපුල් තරංග , ලහිරු කුමාර , කසුන් රාජිත වැනි ප්‍රභල ක්‍රීඩකයන් රැසක් ඇතුලත්.

එමෙන්ම පාකිස්තානයේ අන්වර් අලී , අයර්ලන්තයේ පෝල් ස්ටිර්ලින්ග් (Paul Stirling) , ඉන්දියාවේ සුදීප් ත්‍යාගි (Sudeep Tyagi) , ඇෆ්ගනිස්තානයේ අෆ්ටබ් අලාම් (Aftab Allam) මෙන්ම එස්. ශින්වාරි සහ එංගලන්තයේ සමිත් පටෙල් ද විදෙස් ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්.

ඒ අනුව දඹුල්ල සංචිතය මෙසේයි.

Dasun Shanaka (Captain)
Samiullah Shenwari
Anwar Ali
Samit Patel
Niroshan Dickwella (WK)
Lahiru Kumara
Oshada Fernando
Kasun Rajitha
Sudeep Tyagi
Paul Stirling
Lahiru Madushanka
Upul Tharanga
Angelo Perera
Ramesh Mendis
Pulina Tharanga
Malinda Pushpakumara
Aftab Alam
Ashen Bandara
Dilshan Madushanka
Kavindu Nadeeshan
Sachindu Colombage

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *