අක්මීමන බටදුවේ පිහිටි DSI ආයතනයේ පිරිපහදු ජල ටැංකියකට වැටීමෙන් පිය පුතු දෙපළක් අද (15) පස්වරුවේ මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ අක්මීමන තල්ගම්පල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතක පියා සහ හත් හැවිරිදි වියේ පසුවූ පුතා ය.
මියගිය තිස්හත් හැවිරිදි වියේ පසු වූ පුද්ගලයා මෙකී ආයතන ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකි.
ඔහු ආයතනයේ අධීක්ෂණ කටයුත්තක නිරතව සිටියදී ජල ටැංකියේ වැටී ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම පිරිපහදු ටැංකියේ රසායනික ද්‍රව්‍ය සහිත අප ජලය ඇති බව පොලිසිය පවසයි.
මොහුගේ බිරිඳ ගැබනියක් වන අතර ඇය යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරයි.
මියගිය පිය පුතු දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණය අද (15)කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි .