Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊ.ටී.අයි. හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළේ ඒ අනුව, ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (5) නියෝග කළේය.

සීමා සහිත ඊ.ටී.අයි. ෆිනෑන්ස් පුද්ගලික සමාගම සහ ඊට අනුබද්ධිත සමාගම් සම්බන්ධයෙන් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරියේදී මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අද (5) සදහන් කළා ය.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචියක් නොමැතිව සහ නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව මුදල් ව්‍යාපාරයක නිරත වීම සම්බන්ධයෙන් 2011 අංක 41 දරණ මුදල් පනතට හා ඊට පූර්වගාමී වූ පනත් යටතේ දණ්ඩනීය වරදක් ලෙස දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර මහාධිකරණය වෙත ගොනු කිරීමට ඉදිරියේදී නීතිපතිවරයා කටයුතු කරන බව අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසීය.

ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා නිර්දේශ අනුව නීතිපතිවරයා විසින් සිමා සහිත ඊ.ටී.අයි. ෆිනෑන්ස් පුද්ගලික සමාගමේ හිටපු සභාපතිනිය වූ නැසී ගිය සෝමා එදිරිසිංහ මහත්මිය හා ඇයගේ පවුලේ සාමාජිකයන් වූ ජීවක හේමාල් එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ හා අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන අධ්‍යක්ෂකවරුන් ට එරෙහිව මෙලෙස ඉදිරි පියවර ගනු ලබන බව අධිනීතිඥවරිය වැඩිදුරටත් සඳහන් කළා ය.

එමෙන් ම, ඊ.ටී.අයි. මූල්‍ය හා ස්වර්ණමහල් ස්වර්ණාභරණ ආයතනයේ ප්‍රධානීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් පැවැත්වීමට ද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබිණි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *