Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සමාජ මාධය යනු ලොව පුරාවට විශාල පෙරලියන් ඇති කිරීමට තරම් බලවත් වූ මාධ්‍යක් සහ පුවත් ඉතාමත් ඉක්මනින් පාලනයකින් තොරව පැතිර යාමට රුකුලක් වූ තාක්ෂණික විප්ලවයකින් යුතු මාධ්‍යක් බවට අප සියලු දෙනාම හොඳින් දන්නා කාරණාවකි.

මෙහි ඇති වූ අතුරු ප්‍රතිපල ලෙස ව්‍යාජ පුවත් සහ වැරදි තොරතුරු සමාජ ගත වීමේ ප්‍රවණතාවය වැඩි වූ අතර, ඇමෙරිකාව වැනි ලොව බලවත රටක ජනාධිපතිධූරයට පුද්ගලයන් පත්කිරීමේ ඡන්ද විමසුමට පවා බලපෑම් කිරීමේ හැකියාවකින් යුතු ආකාරයේ මාධ්‍යක් බවට පත් වී හමාරය.

මේ හේතූන් නිසා ලොව පුර රටවල් විශාල ප්‍රමාණයක් සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා යොමු වී සිටිනවා. ලංකාවද එවැනිම ක්‍රියාමාර්ග මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති අතර එහි නවතම පියවරක් ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානම් වනවා.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකවැල්ල මහතා විසින් අද දින මාධ්‍යට අදහස් දැක්විමේ දි සමාජ මාධ්‍ය හරහා සිදු වෙන විෂමතා හා අපචාර මැඩපැවැත්වීමට රට තුල යම් කිසි නියාමනයක් ඇති කිරිමට අවශ්‍යව ඇති බවට අදහස් පල කරනු ලැබුවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *