Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Felicity Ace මෝටර් රථ ප්‍රවාහන නෞකාව අති සුඛෝපභෝගී මෝටර් රථ විශාල ප්‍රමාණයක් සමඟ අත්ලාන්තික් සාගරයේ මුහුදුබත් වී තිබේ.

පෘතුගීසිය ආසන්නයේ පිහිටි අසොරෙස් දුපත් සමූහය ආසන්න වශයෙන් නාවික සැතපුම් 220 ක් දුරින් එම නෞකාව මීට සති දෙකකට පමණ පෙර ගිනි ගැනීමකට ලක්විය.

එම නෞකාව ජර්මනියේ එම්ඩන් වරායේ සිට අමෙරිකා එක්සත් ජනපදය දක්වා ගමන්කරමින් තිබියදී මෙලෙස අනතුරට පත් වී තිබේ.

Felicity Ace නෞකාව ගිල්වීම සිදුවන්නේ නෞකාවේ භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රදේශයේ ගින්නක් හටගෙන සති දෙකකට පමණ පසුවය.

Felicity Ace මෝටර් රථ ප්‍රවාහන නෞකාව VW සහ Audis සමඟ Porsches, Bentleys සහ Lamborghinis වැනි සුඛෝපභෝගී සන්නාමයන් ඇතුළු වාහන 4,000ක් පමණ රැගෙන ගිය බව විදෙස්වා මාධ්‍ය වාර්තා කර තිබේ.

එම භාණ්ඩ තොගයේ වටිනාකම ඩොලර් මිලියන 400කට අධික බව ගණන් බලා තිබේ.

එහි සිටි කාර්ය මණ්ඩලයි සිට ඇති 22 දෙනාම බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබු අතර මේ වනවිට නෞකාව අත්ලාන්තික් සාගරයේ මීටර් 3,500ක් පමණ පතුළේ රැඳී ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

වොක්ස්වැගන් සමාගම උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ තම මෝටර් රථ සඳහා ඩොලර් මිලියන 155ක රක්ෂණ ආවරණයක් ඇති බවය.

Felicity Ace නෞකාව මුහුදුබත් වනවිට එහි බෙන්ට්ලි සමාගමේ මෝටර් රථ 189ක් සහ පෝර්ශේ මෝටර් රථ 1,100ක් එහි තිබූ බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.