ඊයේ (22) සවස කොරෝනා රෝගියෙක් IDH රෝහලෙන් පැන යාමට උත්සාහ දැරීමේදී රෝහල් ආරක්ෂක අංශය මැදිහත්ව එම රොගියාව සිය භාරයට ගෙන තිබේ. මොහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් ලෙස හඳුනා ගෙන ඇත. 22 හැවිරිදි මෙම පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මේ වන විට ඔහුව ආරක්ෂිත ප්‍රථිකාර ඒකකයක් වෙත යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේය.

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්ට ඉදිරියේ දී විශේෂිත ක්‍රම උපායන් යටතේ කටයුතු කරන බවයි.
පසුගිය දින කිහිපයේම රෝහල් වලින් පැන ගිය කොවිඩ් රෝගීන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වන බැවින් තවත් එවන් කොවිඩ් ආසාදිත පුද්ගලයන් සිටී නම් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් ඒ බව දැනුවත්කිරීමට පියවර ගන්නා ලෙස ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.
එමගින් අදාළ පුද්ගලයා ආරක්ෂිත ප්‍රතිකාර ඒකක වෙත යොමු කිරීමට කටයුතු කරන බව එම මහතා පවසා සිටියා.