Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

‘අඩු මිලට iPhone ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග විකුණනවා’ යැයි මිනිසුන් රවටා වෙළඳාම් කල ආයතනයක් පාරිභෝගික අධිකාරිය වටලා තිබෙනවා.

කොල්ලුපිටිය 662, ගාලුපාර, කොළඹ යන ලිපිනයේ පිහිටි InstaBuy.lk නමින් ව්‍යාජ ලෙස පවත්වාගෙන ගිය දුරකථන විකුණන ආයතනයක් අද දවල් පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකොට තිබෙනවා.

සමාගම් ලියාපදිංචි කිරීමේ රජයේ ආයතනයේවත් ලියාපදිංචි වී නොමැති InstaBuy නමක් දමාගෙන මෙම ආයතනයක් විසින්, ජනතාව රවටා, වෙළඳපොලේ ඇති මිලට වඩා රු.50,000 – රු.100,000 අතර අඩු මිලකට iPhone දුරකථන ලබාදෙන බව පවසා මොවුන් මෙම ව්‍යාජ ව්‍යාපාරය කරගෙන ගොස් තිබේ.

යම් දුරකථනයක් මිලදී ගන්න තිබේ නම්, දවස් 21 කට පෙර මොවුන්ට මුදල් ලබාදීමට සිදුවේ. එසේ මුදල් ලබාදී දින 21 ක් හෝ ඊට වැඩි දවසකින් ඔවුන් දුරකථනයක් ලබාදෙන පවසන අතර, එම දින 21 තුන ඔවුන් මෙම රැස් වෙන මුදල් අවභාවිතා කරන බවට ආරංචි වී ඇත. හොඳම සිද්ධිය නම් දැනට ඔවුන්ට මෙසේ orders 3000 කට අධික ප්‍රමාණයක් පැමිණ තිබෙන අතර, ඔවුන් දැනටමත් එයින් orders 1,000 ක් පමණ ලබා දී ඇත. මෙය තුලින් ජනතාවට ඔවුන් කෙරෙහි විශ්වාසයක් පැමිණ තිබෙන අතර, මේ සඳහා වැඩි වැඩියෙන් පෙළඹීමට පටන් ගෙන ඇත.

නමුත් අද පාරිභෝගික අධිකාරිය එම ස්ථානයට ගිය අවස්ථාවේ, InstaBuy හි අයිතිකරු පවසා තිබෙන්නේ, ඔහුගේ business plan එක මාස 3 ක් බවත්, ඔහුට දැනට සිදුවී ඇති පාඩුව කෝටි 10 ක් බවයි. ඔවුන්ට මුදල් ලැබුනේ කෙසේද, මෙසේ පාඩුවක් සමග ව්‍යාපාර කරන්නේ කෙසේද, ඔවුන්ට මෙසේ කිරීමට හේතුව කුමක්ද යනුවෙන් විමසීමේදී, ඔවුන් කිසිම ලියකිවිල්ලක් ලබානොදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදීමටද තැත් කර ඇත.

නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවීමත් සමග ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් වහාම එම ස්ථානයට ගොස් ඇත.

පසුව පොලිසියේ මැදිහත් වීමෙන් ඔවුන්ගේ ලියකියවිලි පරික්ෂා කිරීමේදී, Instabuy නම් ආයතනය කිසිම ස්ථානයක ලියාපදිංචි කර නොමැති අතර, TRCSL දුරකථන විකිණීම සඳහා මොවුන්ට කිසිම බලපත්‍රයක් නොමැති බවයි. ඒ අනුව මොවුන්ගෙන් මිලදී ගත් හා ගන්නා දුරකථන, TRCSL approval නොමැති දුරකථන වන අතර, එසේ TRCSL approval නොමැති දුරකථන ලංකාවේ භාවිතා කිරීමද තහනම් වන අතර, මෙසේ මොවුන්ගෙන් දුරකථන මිලදී ගත් අයටද එම ගැටලුවට මුහුණ දීමට සිදුවේ. එයට තවත් ප්‍රධාන හේතුවක් නම්, මොවුන් විකුණන දුරකථන වල, කිසිම imei අංකයක් ඔවුන් සටහන් කරගෙන නොමැති අතර, ඔවුන් එය පාරිභෝගිකයන්ට warrenty ක් ලබාදෙන්නේ කෙසේද යන ප්‍රශ්නයක් මතුවී තිබේ.

මොවුන්ගේ අරමුණ, කිසියම් මොහොතක, මෙසේ වැඩි පාරිභෝගික පිරිසක් මොවුන්ගේ ආයතනය විශ්වාස කර දින 21 ක් මුදල් තැන්පත් කිරීමෙන් පසු, වැඩි ලාබයක් ලැබෙන අවස්ථාවක වහාම කැනඩාව සඳහා පැනයාම බව වැඩිදුර විමර්ශන වලදී හෙලිවුයේ, මෙම ආයතනයේ වැඩකරන සේවකයන් විසින් මෑතකදී පාස්පෝර්ට් සාදාගෙන, දැනටමත් Canada Visa ලබාගැනීම සඳහා අයදුම්කර ඇති බවට සාක්ෂි සමග ඔප්පු විමයි. තවද මොවුන් iPhones දුරකථන වලට අමතරව, Camera, Laptop, Apple watch, Airpod ද මෙසේ සුක්ෂම ලෙස මිනිසුන් රවටා විකුණා ඇති බවයි.

මේ සමග, පාරිභෝගික අධිකාරිය විසින් ජනතාවට අවවාද කර සිටින්නේ, මෙසේ ව්‍යාජ ස්ථානවල මුදල් ආයෝජන කර, අඩු මිලට ඉලෙක්ට්‍රොනික උපාංග මිලදී ගැනීමට ගොස්, තමන් මහන්සි වී උපයාගත් මුදල් මෙසේ පිරමීඩ ව්‍යාපාර වලට අසු වී අතුරුදහන් නොකරගන්නා ලෙසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *