Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

‘අඩු මිලට iPhone ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග විකුණනවා’ යැයි මිනිසුන් රවටා වෙළඳාම් කල ආයතනයක සේවකයින් දෙදෙනෙක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අන්තර්ජාලය හරහා සැකකරුවන් 70 කට ආසන්න පිරිසකගෙන් මොවුන් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

මිලියන 11 ක වටිනාකමකින් යුතු ඇපල් ජංගම දුරකථන සහ අයිපෑඩ් අන්තර්ජාලය හරහා විකිණීමට ඔවුන් මෙලෙස මුදල් ලබාගෙන තිබේ.

කොල්ලුපිටිය 662, ගාලුපාර, කොළඹ යන ලිපිනයේ පිහිටි InstaBuy.lk නමින් ව්‍යාජ ලෙස පවත්වාගෙන ගිය දුරකථන විකුණන ආයතනය සමාගම් ලියාපදිංචි කිරීමේ රජයේ ආයතනයේවත් ලියාපදිංචි වී නොමැති InstaBuy නමක් දමාගෙන මෙම ආයතනයක් විසින්, ජනතාව රවටා, වෙළඳපොලේ ඇති මිලට වඩා රු.50,000 – රු.100,000 අතර අඩු මිලකට iPhone දුරකථන ලබාදෙන බව පවසා මොවුන් මෙම ව්‍යාජ ව්‍යාපාරය කරගෙන ගොස් තිබේ.

යම් දුරකථනයක් මිලදී ගන්න තිබේ නම්, දවස් 21 කට පෙර මොවුන්ට මුදල් ලබාදීමට සිදුවේ. එසේ මුදල් ලබාදී දින 15-30 අතර දවසකින් ඔවුන් දුරකථනයක් ලබාදෙන පවසන අතර, එම දින ගණන අතර තුර ඔවුන් මෙම රැස් වෙන මුදල් අවභාවිතා කරන බවට ආරංචි වී ඇත.

කෙසේ නමුත් සිය මුදල් අවභාවිත වීම සහ අදාළ භාණ්ඩය නොලැබීම හේතුවෙන් පාරිභෝගිකයින් කොල්ලුපිටිය පොලිසිය වෙත පැමිණිලි 70කට අධික ගණනක් යොමු කොට තිබේ.

පොලිසියේ මැදිහත් වීමෙන් ඔවුන්ගේ ලියකියවිලි පරික්ෂා කිරීමේදී, Instabuy නම් ආයතනය කිසිම ස්ථානයක ලියාපදිංචි කර නොමැති අතර, TRCSL දුරකථන විකිණීම සඳහා මොවුන්ට කිසිම බලපත්‍රයක් නොමැති බවයි. ඒ අනුව මොවුන්ගෙන් මිලදී ගත් හා ගන්නා දුරකථන, TRCSL approval නොමැති දුරකථන වන අතර, එසේ TRCSL approval නොමැති දුරකථන ලංකාවේ භාවිතා කිරීමද තහනම් වන අතර, මෙසේ මොවුන්ගෙන් දුරකථන මිලදී ගත් අයටද එම ගැටලුවට මුහුණ දීමට සිදුවේ. එයට තවත් ප්‍රධාන හේතුවක් නම්, මොවුන් විකුණන දුරකථන වල, කිසිම imei අංකයක් ඔවුන් සටහන් කරගෙන නොමැති අතර, ඔවුන් එය පාරිභෝගිකයන්ට වගකීම් සහතිකයක් ලබාදෙන්නේ කෙසේද යන ප්‍රශ්නයක් මතුවී තිබේ.

අද දිනයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොරටුව සහ මෝදර ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වන අතර ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇත. මෙම ආයතනයට මුදල් ගෙවා යම්කිසි අයෙකු අපහසුතාවයට පත්ව තිබේ නම් කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි නීතිවිරෝධී මාර්ගගත වංචාවන් පිළිබඳව අවදියෙන් සිටින ලෙස ද ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.

මිට අමතරව මෙම ආයතනය පිලිබඳ මිට දින කිහිපයකට පෙර Ceylon News Factory අප විසින් කරන ලද විමර්ශනයක දී පැහැදිලි වුයේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත් නොවී සිය ආයතනය තුල පාරිභෝගිකයින් රැස් කරගැනීමට අදාළ ආයතනය කටයුතු කොට ඇති බවයි. පාරිභෝගිකයින් තමන්ට අදාළ භාණ්ඩය එකතු කරගැනීමට පැමිණි පසු නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින්, ඔවුන්ව අදාළ ආයතනය තුල හෝ රඳවා ගැනීමට ඔවුන් කටයුතු කොට තිබේ.

කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වූ උක්ත කාල සමයේ එය වෙනත් ප්‍රබල සෞඛ්‍ය ගැටලුවකට ඉඩ කඩ සැදීමක් බව අපගේ නිරීක්ෂණයන්ට හසු විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *