COVID-19 වසංගතය සැලකිල්ලට ගනිමින් 2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව(IPL) යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට නියමිත බව වාර්තාවේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් මෙම තරගාවලිය අත්හිටුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.
ඉදිරි දින කිහිපය තුළ පාලක මණ්ඩලය රැස්වීමෙන් පසු විධිමත් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.
අඟහරුවාදා සවස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි, ලේකම් ජේ ෂා, භාණ්ඩාගාරික අරුන් ධුමාල්, අයිපීඑල් සභාපති බ්‍රිජේෂ් පටෙල් යන මහත්වරුන් සම්මන්ත්රණ ඇමතුමක් ලබා ගත් අතර ඒ අනුව මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය වී තිබේ. තරඟාවලිය මීට පෙර අපේ‍්‍රල් 15 වන දින දක්වා අත්හිටුවා තිබුනි.
කෙසේ නමුත් ඉන්දියාවම වසා දැමු සීමාවන් මැයි 03වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනීමත් සමඟ IPL තරගාවලිය තවදුරටත් කල් දැමීම හැර වෙනත් විකල්පයක් නොමැත.