Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රිත්වි ෂෝගේ සහ ශිකර් දවාන්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර IPL දෙවන තරඟය ජයග්‍රහණය කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. ගියවර අනුශුරයින් වූ දිල්ලි කණ්ඩායම හමුවේ පරාජයට පත් වුයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

රිෂාබ් පාන්ට් පළමුවරට දිල්ලි කණ්ඩායමට නායකත්වය ලබා දුන් මෙම තරගයෙන් ඔවුන් ජය වාර්තා කළේ කඩුලු 7කින්.

මුම්බායිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

පසුගිය තරග වාරයේ දී IPL තරගාවලියට ක්‍රීඩා නොකළ සුරේෂ් රයිනා මෙම තරගයේ දී යළිත් චෙන්නායි පිල නියෝජනය කරමින් අයි.පී.එල් පිටියට පිවිසි අතර, ඔහු පන්දු 36කින් ලකුණු 54ක් රැස් කළා.

ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුළත්.

IPL දෙවන තරඟය
Image Source : BCCI

මොයීන් අලී ලකුණු 36ක්, සෑම් කරන් පන්දු 15කින් ලකුණු 34ක් මෙන්ම රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 26ක් ලබා ගත්තා.

නායක මහේන්ද්‍ර සිං දෝනි දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් සහ අවේෂ් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි පිල පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ප්‍රිත්වි ෂෝ සහ ශිකර් දවාන් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 138ක විශිෂ්ඨ සබදතාවයෙන් සවිමත් වෙමින්.

ප්‍රිත්වි ෂෝ ලකුණු 72(38) කට දැවී ගිය අතර, දවාන් ලකුණු 85(54) ක් රැස් කළා.

ප්‍රිත්විගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 9කින් වර්ණවත් වූ අතර, දවාන්ගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 53කට කඩුලු 2ක් දවා ගත්තා.

තරඟයේ වීරයා බවට පත් වුයේ ශිකර් දවාන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *