Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 5 වන තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ ලකුණු 10 ක අනපේක්ෂිත පරාජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ඊයේ (13) සිදු වුණා.

චෙන්නායිහි පැවැති තරගය ජය ගැනීම සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 153 ක ඉලක්කයක් පමණක් හිමි වූ නමුත්, ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි.

පළමු කඩුල්ලට පන්දුවාර 8.5 ක් තුළ ලකුණු 72ක සබදතාවයක් ගොඩ නැගීමට නිටිෂ් රානා සහ ෂුබ්මන් ගිල් සමත් වූ පසුබිමකයි කොල්කටා කණ්ඩායම මෙම තරගය පරාජයට පත් වුයේ.

රානා ලකුණු 57ක් සහ ෂුබ්මන් ගිල් ලකුණු 33ක් රැස් කළ නමුත්, මැද පෙල පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් තරගය ජය ගැනීම සදහා තිබූ පහසු අවස්ථාවක් කොල්කටා කණ්ඩායමෙන් ගිලිහී ගියා.

ආරම්භක පිතිකරුවන් හැරුණු විට සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකියාව ලැබුණේ නැහැ.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රාහුල් චහාර් ලකුණු 27කට කඩුලු 4ක් බිද හෙලමින් මුම්බායි කණ්ඩාමට තරගය ජය ගැනීම සදහා අවශ්‍ය මග සකස් කර දුන් අතර, කෘනල් පාන්ඩ්යා සිය පන්දුවාර 4 තුළ ලකුණු 13කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

මුම්බායි ඉන්දියන්ස්
Image Source : BCCI (රාහුල් චහාර් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනු ලැබුවා)

ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 27කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 2ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 152ක් රැස් කළා.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 56ක් ලබා ගත් අතර, නායක රෝහිට් ෂර්මා ලකුණු 43ක් ලබා ගත්තා.

මුම්බායි ඉන්දියන්ස්
Image Source : BCCI (සූර්යකුමාර් යාදෙව් ලකුණු 56)

ක්‍රිස් ලින් වෙනුවට මෙම තරගය සදහා කැදවූ ක්වෙන්ටන් ඩී කොක් ලබා ගත්තේ ලකුණු 2ක් පමණයි.

ඇන්ඩ්‍රි රසල් පන්දුවාර 2ක් පමණක් යවා ලකුණු 15කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ රාහුල් චහාර්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *