Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අයි එස් අයි එස් (ISIS) ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ ‘සොල්දාදුවන් දුසිම් ගණනක්’ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි බ්‍රිතාන්‍ය ‘ද සන්’ (The Sun) පුවත්පත ප්‍රකාශ කරනවා.

අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ වර්තමාන ක්‍රියාකාරීත්වය දැක්වෙන සිතියමක්ද පළකරමින් ඊයේ (11) ‘ද සන්’ පළකර තිබූ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියා, පිලිපීනය ඇතුළු රටවල් 26ක එහි ක්‍රියාකාරකම් වර්තමානයේදී ද සිදුවනවා.

මේ අතර අයි එස් අයි එස් ත්‍රස්තවාදීන්ගේ ආසන්නතම අමානුෂික ප්‍රහාරය වාර්තාවන්නේ මොසැම්බික් රාජ්‍යයෙනි. මොසැම්බික් උතුරු ප්‍රදේශයේදී ත්‍රස්තයන් විසින් 50කට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසකගේ හිස ගසා මරා දමා තිබුණා.

කාබෝ ඩෙල්ගාඩෝ පළාතේ වැසියන් පිරිසක් පාපන්දු පිටියකට රැගෙනවිත් ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෙලෙස ඝාතනය කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *