Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අට වන තරගයෙන් ලකුණු 54 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද (01) සමත් වුණා. මෙම තරඟයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි. තරඟය පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී.

තරගයේ කාසිය වාසිය දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 185 ක් රැස්කර ගැනීමට සමත් වූ අතර තිසර පෙරේරාගේ හා ධනංජය ද සිල්වාගේ අර්ධ ශතකයන්ගෙන් ඉනිම වඩාත් ශක්තිමත් වුණා.

Image Source : SLC

ඒ අනුව ධනංජය ද සිල්වා පන්දු 38ට ලකුණු 61 වාර්තා කල අතර නායක තිසර පෙරේරා පන්දු 28ට ලකුණු 68ක් රැස්කලා. මිනෝද් භානුක පන්දු 23ට ලකුණු 15යි.

පන්දු යැවීමේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නවීන් උල් හක් කඩුලු 3ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 44ක් ලබාදෙමින්. අසේල ගුණරත්න ලකුණු 20ට කඩුලු 2යි.

නුවන් ප්‍රදීප්ට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණයි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 50 සීමාව පසු කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ඒ අනුව බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 32 කදී ලකුණු 46ක් වාර්තා කල අතර අවාසනාවන්ත ලෙස උඩ පන්දුවකින් දැවී ගියා.

අසේල ගුණරත්න පන්දු 24ට ලකුණු 31ක් ලබා ගත් අතර කුසල් ⁣මෙන්ඩිස් පන්දු 9කදී ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී උස්මන් ශින්වාරි ලකුණු 17ට කඩුලු 3ක් දවා ගත් අතර තිසර පෙරේරා , සුරංග ලක්මාල් සහ වනිඳු හසරංග අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

Image Source : SLC
JAFFNA STALLIONS 185/8 (20 Ov, RR: 9.25)

තිසර පෙරේරා – පන්දු 28 කින් ලකුණු 68
ධනංජය ද සිල්වා – පන්දු 38 කින් ලකුණු 61
මිනෝද් භානුක – පන්දු 23 කින් ලකුණු 15
නවීන් උල් හක් 3/44
අසේල ගුණරත්න 2/20
නුවන් ප්‍රදීප් 1/44
KANDY TUSKERS 131/10 (17 Ov, RR: 7.63)
බ්‍රෙන්ඩන් ටේලර් – පන්දු 32 කින් ලකුණු 46
අසේල ගුණරත්න – පන්දු 24 කින් ලකුණු 31
කුසල් ⁣මෙන්ඩිස් – පන්දු 9 කින් ලකුණු 20
උස්මන් ශින්වාරි  3/17
තිසර පෙරේරා 2/9
වනිඳු හසරංග 2/17

තරඟයේ වීරයා : තිසර පෙරේරා
අටවන තරගය : කැන්ඩි ටස්කර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස්
ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පිට පිට ලබාගත් මෙම තෙවන ජයග්‍රහණයත් සමඟ ඔවුන් තවදුරටත් ලකුණු සටහනේ පෙරමුනේ පසු වනවා.

– සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර –

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *