හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හයවන තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඔවුන් මෙම තරඟාවලියේ ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසින්.
මෙම තරගයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරගයේ කාසිය වාසිය දිනාගත් අතර නායක ශහීඩ් අෆ්රිඩි පළමුව පන්දුවට පහර දීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා.
ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් පමණක් දැවී ලකුණු 196 ක් රැස්කර ගැනීමට සමත් වුණ අතර බ්‍රෙන්ඩන් ටෙයිලර් නොදැවී පන්දු 35 තුල ලකුණු 51 ක් රැස් ගත්තේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක්ද සමගින්.
කුසල් මෙන්ඩිස් පන්දු 30ක් අවසානයේ ලකුණු 49ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේ උඩ පන්දුවකින්. කුසල් ජනිත් පෙරේරා පන්දු 24 කදී ලකුණු 27ක්ද කමිඳු මෙන්ඩිස් පන්දු 16දී ලකුණු 28ක්ද රැස් කරමින් ටස්කර්ස් ඉනිම තවත් ශක්තිමත් කලා.

මේ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලක්ශාන් සඳකැන් ලකුණු 41 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුළු 2ක් ලබා ගත් අතර අකිල ධනංජය, මොහමඩ් අමීර්, මොහමඩ් ශිරාස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ඇරඹූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 53ක් තුලදී ලකුණු 82ක් වාර්තා කල අතර එයට හතරේ පහර 13ක් සහ හයේ පහර එකක් ඇතුලත්. අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ.

පන්දු යැවිමේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ මුනාෆ් පටෙල්, සීක්කුගේ ප්‍රසන්න, දිල්රුවන් පෙරේරා , අසේල ගුණරත්න සහ නවීන් උල් හක් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
KANDY TUSKERS 196/5 (20 Ov, RR: 9.8) | |
බ්‍රෙන්ඩන් ටේලර් – පන්දු 35 කින් නොදැවී ලකුණු 51 කුසල් මෙන්ඩිස් – පන්දු 30 කින් ලකුණු 49 කමිඳු මෙන්ඩිස් – පන්දු 16 කින් ලකුණු 28 | ලක්ෂාන් සඳකැන් 2/41 මොහොමඩ් අමීර් 1/31 |
GALLE GLADIATORS 195/4 (20 Ov, RR: 9.75) | |
ධනුෂ්ක ගුණතිලක – පන්දු 53 කින් ලකුණු 82 ෂෙහාන් ජයසුරිය – පන්දු 23 කින් ලකුණු 17 | සීක්කුගේ ප්‍රසන්න 1/12 දිල්රුවන් පෙරේරා 1/26 |
තරගයේ වීරයා : බ්‍රෙන්ඩන් ටේලර්
හයවන තරඟය : ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි ටස්කර්ස්
ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය
කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලැබූ මෙම පළමු ජයත් සමඟ තරඟාවලියේ ලකුණු සටහනේ තෙවන ස්ථානයට පැමිණීමට ඔවුන්ට හැකි වුනා.

සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර