Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

චීනය විසින් අභ්‍යාවකාශ ගත කළ පාලනයෙන් ගිලිහී ගිය Long March රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට නිරිත දිගින් වන ඉන්දියානු සාගරයට කඩා වැටී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උඩුගුවනට රැගෙන යාම සඳහා චීනය යොදා ගත් ලෝන් මාච් ෆයිව් බී රොකට්ටුවේ ප්‍රධාන කොටසයි. මෙය මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලෙකනවා.

චීනය විසින් උඩුගුවනට යැවූ දැවැන්ත රොකට් යානයේ විශාල කොටසක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට කඩා වැටෙන බවටයි නාසා විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණේ. එහිදී ටොන් 21ක් බරැති යානයේ ප්‍රධාන කොටස පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිත බව නාසා විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ නමුත්, එය ගුවනේදී විනාශ වීමට සැලසුමක් නොමැති අතර, රොකට් යානා කොටස කිසිවෙකුට හානි නොවන අන්දමින් පැසිෆික් සාගරයට කඩා වැටෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *