Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

(LPL) ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය හෙවත් ඒ ආකාරයෙන් පැවති ක්‍රීඩකයන් තෝරා ගැනීම ඊයේ (10) සිදු කෙරුණු අතර එම තේරීම් ක්‍රීඩකයන් අතර ඉමහත් ආන්දෝලනයට ලක්ව ඇත.

ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයන් 15 බැගින් මේ සඳහා නම් එවා තිබුණද දක්ෂ ක්‍රීඩකයන් සිටියදී වයස අවුරුදු 30-35 ඉක්මවූ ක්‍රීඩකයන් හා ක්‍රීඩා සමාජ මට්ටමින් කිසිදු දක්ෂතාවක්  නොදැක්වූ ක්‍රීඩකයන් නොවටිනා මිළට තෝරා ගෙන තිබීමත් කැපී පෙණුනි.

මෙම තෝරා ගැනීම් සැසිය සූම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර විස්තර විචාරකයකු හා රාගම ක්‍රීඩා සමාජයේ සභාපති රොෂාන් අබේසිංහ conflict of interest ලෙස සහභාගී වීමත් ඔහුගේ රාගම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තෝරා ගැනීමත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩකයන් අතර කතා බහට ලක් වී ඇත.

ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් ජනිත්, තිරිමාන්න, ධනංජය සිල්වා, අකිල ධනන්ජය, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, සඳුන් වීරක්කොඩි,  ඇතුළු පළපුරුදු ක්‍රීඩකයන් රැසක් මෙවර තෝරා ගෙන නොමැති අතර අනාගතට කිසිදු ප්‍රයෝජනයක් නොවන මිලින්ද සිරිවර්ධන, ටී.එම්. සම්පත්, ගිහාන් රූපසිංහ වැන්නන් තෝරා ගෙන තිබීම විශේෂ සිද්ධියකි.

තහනමට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් යන තිදෙනාම ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම්වලට තෝරාගෙන තිබීමත් දික්වැල්ල හැරුණු විට කිසිදු පිළිගත් කඩුළු රකින්නකු සෙසු කණ්ඩායම්වලට ඇතුළත් නොවීමත් කැපී පෙනෙන සිද්ධියකි.

සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රීඩක වෙන්දේසියකදී කණ්ඩායම් පුහුණුකරුවන්ද සහභාගි විය යුතු වුවත් එයට සහභාගි වූයේ යාපනය කණ්ඩායමේ පුහුණුකරු තිළිණ කන්ඩම්බි පමණි.

මේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම්වල නිල අයිතිකරුවන් හෝ පුහුණුකරුවන් මෙතෙක් ක්‍රිකට් ආයතනය මගින් ප්‍රකාශයට පත් නොකරම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීම ද මතබේදයට ලක්ව තිබේ.

මෙම තරගාවලියේ මෙවර ද තරගාවලි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ උප සභාපතිවරයකු වන රවින් වික්‍රමරත්න ය.

අරවින්ද ද සිල්වා ප්‍රමුඛ තාක්ෂණ කමිටුව මෙම තරගාවලිය සංවිධානය කිරීමේ වගකීම මුලින් භාර ගැනීමට සිටිය ද රවින් වික්‍රමරත්න ප්‍රමුඛ ක්‍රිකට් බලධාරීන් අතර වූ මත ගැටුමක් හේතුවෙන් ඔවුන් එම කටයුත්තෙන් බැහැර වී තිබේ.

මේ බව පසුගියදා පැවති රූපවාහිනී වැඩ සටහනකදී අරවින්ද වැඩි දුරටත් කියා සිටියේය.

00

1 Comment

  • Nalinda, 2021-11-12 @ 12:11 PM Reply

    ඔය රවින් වික්‍රමරත්න කියන උන් තමයි මෙ වෙනකල් ක්‍රිකට් ක්‍රිඩාව විනාශ කලේ …කිසිම සැලැස්මක් නැතිවයි තෙරිම් කරලා තියෙන්නේ ..අනික ජත්‍යන්තර මට්ටමේ වයස 35 පැනපු ක්‍රිඩකයින් තොරාගෙන තියෙන්නේ කුමන පදනමක් යටතෙද..මුන් ඔක්කොම බලන්නේ සල්ලි විතරයි … මුන් මෙකට අරක් ගත්තු ගන්දබ්බයො ටිකක් ..මුන් ඉන්නකල් මෙහෙම තමයි …

Leave a Reply

Your email address will not be published.