Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරඟාවලියේ දෙවන අදියර පෙර නිවේදනය කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ  නිවේදනය කළා.

ඒ අනුව තරඟාවලිය ජූලි 30 වනදා සිට අගෝස්තු 22 වනදා දක්වා පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, පසුගිය දිනක මාධ්‍ය තුලින්  එල්.පී.එල් තරගාවලියේ දෙවැනි අදියර තාවකාලිකව කල් දැමීමට තීරණය කර ඇති බවට  වාර්තා වුවත් එල්.පී.එල්. තරඟාවලියට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත සකස් කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එමෙන්ම පසුගිය වසරේ පැවැති එල්.පී.එල් තරඟාවලියේ පළමු අදියරට ලොව පුරා දැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමු වූ බවත්, අවසන් මහා තරගය මිලියන 135ක ප්‍රේක්ෂක පිරිසක් නරඹා තිබූ බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්.

කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පැවැති පළමු අදියරේ ශූරතාවය දිනා ගත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *