Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.

Image Source : SLC

ඒ, අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමින්.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තේ ෂොයිබ් මලික් රැස් කළ ලකුණු 46න් සහ නායක තිසර පෙරේරා නොදැවී රැස් කළ ලකුණු 39න් සවිමත් වෙමින්.

Image Source : SLC

ධනංජය ද සිල්වා ලකුණු 33ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණූ 27ක් සහ ජොන්සන් චාර්ල්ස් ලකුණු 26 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 135ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 7කට දැවී ගිය අතර, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ධනුෂ්ක ගුණතිලක අවසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

ඔහු කඩුලු දෙක අතර දිව යමින් සිටියදී පන්දු යැවීමේ නිරත වූ සුරංග ලක්මාල්ගේ ගැටීම අදාළ දුවද්දී දැවී යාමට හේතු වූ අතර, එම දැවීයාමේ සාධාරණත්වය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව ප්‍රශ්න කරනවා.

Image Source : SLC

පන්දු රැකීමේ දී ආබාධයකට ලක් වූ නායක භානුක රාජපක්ෂ ගාලු ඉනිම වෙනුවෙන් පන්දු 17කින් වේගවත් ලකුණු 40ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින්.

අසාම් ඛාන් ලකුණු 36යි.

පන්දු යැවීමේ දී උස්මාන් ශින්වාරි සහ ෂොයිබ් මලික් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

තරඟයේ වීරයා : ෂොයිබ් මලික්
අවසන් තරඟය : ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස්
ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය

තරඟාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්

තරඟාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දුයවන්නන්

තරඟාවලියේ ක්‍රීඩකයා – වනිඳු හසරංග (Jaffna Stallions)

තරඟාවලියේ නැගි එන ක්‍රීඩකයා – ධනංජය ලක්ෂාන් (Galle Gladiators)

– සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර –

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *