Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන 26 වන දා සිට දෙසැම්බර් 16 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා රූපවාහිණී විකාශන අයිතීන් හිමිකරගත් නාලිකා නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මෙරට විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනිය විසින් හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.

මෙරට ක්‍රිකට් විකාශන අයිතිය පිළිබඳව අදහස් දක්වමින් අයි.ටී.එන් නාලිකාවේ සභාපති සුදත් රෝහණ මහතා මෙසේ සඳහන් කලා.
“ධනාත්මක සමාජ පරිවර්තනයක් සිදු කළ හැකි සාධකයන් අතුරින් ක්‍රීඩාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ අතුරින් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දේශීය විකාශන අයිතිය හිමිකර ගැනීම හරහා මෙරට ක්‍රිකට්ලෝලීන්ට අමතක නොවන තරග අත්දැකීමක් ලබාදීමට මෙය ප්‍රශස්ත අවස්ථාවක් බව මගේ අදහසයි” 

එමෙන්ම තරගාවලියේ ජාත්‍යන්තර විකාශනය හිමිකම් ලබා ගැනීමට සෝනී (ඉන්දියාව), ස්කයි (බ්‍රිතාන්‍ය), ජියෝ සහ පී.ටී.වී (පාකිස්ථානය) යන නාලිකා සමත් වී ඇති බවයි තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *