Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එල්ටීටීඊ සංවිධානය සමග කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළේය.ඩේලි මිරර් පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් මේ පිළිබඳව අදහස් දැක්වූ අතර වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ තලෙයිබාන් සංවිධානය යනු ස්වාධීන විමුක්ති සංවිධානයක් බවයි.

දෙමළ කොටි සමඟ අපට කිසිම සම්බන්ධයක් නැහැ. අපි ස්වාධීන විමුක්ති බලකායක් වන අතර අපේ රට වන ඇෆ්ගනිස්ථානය මුදා ගැනීම සඳහා පසුගිය අවුරුදු 20 තුළ විදේශ බලවේග වලට එරෙහිව අරගල කළ ස්වාධීන විමුක්ති බලකායක්

යැයි ෂහීන් පවසයි.ඊයේ දිනයේදී ඇෆ්ඝනිස්තානයේ ප්‍රධාන නගරය වන කාබුල් නුවර අල්ලාගැනීමෙන් පසුව අගනුවර දොරටුව අසළදී ෂහීන් ඩේලි මිරර් වෙත මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටියේ තලෙයිබාන් නායකත්වයක් යටතේ වුවද ඇෆ්ඝනිස්තානයේ බෞද්ධ ස්ථාන අවදානමකට ලක් නොවන බවයි.

ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක් නොවේ, මේ සම්බන්ධ වන ප්‍රකාශ මම ප්‍රතික්ෂේප කරමි,තලේබාන් සංවිධානය ත්‍රස්තවාදීන් ලෙස ශ්‍රී ලංකාව නොසලකන බව ද ඔහු පවසයි. ඔබේ රට නිදහස් කර ගැනීම සඳහා අරගල කළ ඔබේ මුතුන් මිත්තන් මෙන් අපි ද ඇෆ්ගනිස්ථානයේ නිදහස් සටන් කරුවන් වෙමු.

යනුවෙන් වැඩිදුර අදහස් දැක්වමින් තලෙයිබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් ඩේලි මිරර් පුවත්පතට පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *