Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පොළ පොලිස් බල ප්‍රදේශයෙන් හමුවූ හතරවැනි කොරෝනා ආසාදිතයා ගම්පොළ නගර සභා කාර්යාලය ඇතුළු ස්ථාන කීපයක සැරිසරා ඇති බව වාර්තා වනවා.

මෙම කොවිඩ් ආසාදිතයා ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේ දෙවන පටුමග පදිංචිකරුවෙක් වනවා.

කටුනායක ආයතනයක සේවකයකු වන මොහු එම ආයතනය තුළ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර තිබියදී පසුගිය 13 දින ගම්පොළ පිහිටි ඔහුගේ නිවසට පැමිණ ඇති බව මේ වන විට සොයාගෙන තිබෙනවා.

කටුනායකදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී මොහු ආසාදිතයකු බව හඳුනාගෙන තිබුණා.

ඒ අනුව මෙම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහල වෙත යවා ඇති අතර මොහුගේ නිවස ඇතුළු තවත් නිවාස 4 කට අයත් පුද්ගලයන් 14 දෙනකු ද බේකරි වෙළෙඳසලේ 4 දෙනකු හා එළවළු වෙළෙඳසලේ එක් අයකු ද නිරෝධායනයට ලක් කර තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *