Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කෑගල්ල නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් එම රෝහල දින 14ක් වසා තැබීමට අද (10) පියවර ගත් බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්.ආර්.එස්.එන්. බණ්ඩාර අත්තනායක මහතා පැවසීය.

කෑගල්ල, බල්ලපාන ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (9) පෙරවරුවේ අදාළ පෞද්ගලික රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

නමුත් එම පී.සී.ආර්. පරීක්ෂණය නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකුලව සිදු කොට නොමැති බව අත්තනායක මහතා පැවසීය.

පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය විසින් අදාළ ආසාදිතයා කෑගල්ල මහා රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ද ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

අදාළ පෞද්ගලික රෝහල වෙත අද දින ගිය, කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු, එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙකු නිවෙස් බලා පිටත් කර යැවූ අතර සේවය කරමින් සිටි රෝහල් කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුට නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසද දැනුම් දුන්හ.

එම පෞද්ගලික රෝහලේ CCTV කැමරා පද්ධතිය අක්‍රීය වී ඇති බැවින් රෝහලට පැමිණි ජනතාව හඳුනාගැනීමට නොහැකි වී තිබේ.

මේ අතර ආසාදිත පුද්ගලයා ඇසුරු කළ ආශ්‍රිතයන් මේ වන විට හඳුනාගැනීමට කටයුතු කරන බව බණ්ඩාර අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *