Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය ආශ්‍රිතව 19වන සදුදා අහඹු ලෙස සිදුකල109 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණයෙන් 49දෙනෙකු ගේ වාර්තාවට අනුව ඔවුන්ට කොවිඩ්19 වෛරසය ආසාදිතවී ඇතැයි තහවුරු වීමෙන් පසු 21වනදා දහවල් කාලයේ සිට එම,ස්ථානයේදී පීසීආර් පරීක්ෂණ සිදුකරන ලදී.

මත්ස්‍ය වෙළද සංකීර්ණයේ සේවයේ නිරත පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ද ඇතුළුව 1200 දෙනෙකු පමණ එදින රාත්‍රි 10.00ට ආසන්න හෝරාව වන තෙක් පීසීආර් පරීක්ෂණයට භාජනය කර ඇත.
පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ඇතුළු කංඩායමක් එක්ව සිදුකල පීසීආර් පරීක්ෂණයෙන් පසු යුධහමුදාවේ සහාය ඇතිව එම ස්ථානයට පැමිණි බස් රථවලින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර ඇත.

මේ අතර පීසීආර් පරීක්ෂණයට ඉදිරිපත් වීමටත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑමත් ප්‍රථික්ෂේප කල 18 දෙනෙකුට,වැඩි පිරිසක් මාළු වෙළද සංකීර්ණය අසළ පිහිටි අපවිත්‍ර ජලය පිරි ඇල මාර්ගයට පැන එගොඩට පිහිනා පලා ගොස් ඇතැයි වාර්තාවී ඇත.


පලා ගිය පිරිස සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සහ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර තමන් කල වරද පිලිබඳව අවබෝධ කර ගත් කීප දෙනෙක් බලධාරීන් වෙත දුරකථන ඇමතුම් ලබාදී යලිත් තමන් පීසීආර් පරීක්ෂණයට යොමුකරන ලෙස ඉල්ලා සිට ඇතැයි පෑලියගොඩ නගර සභාවේ නිලධාරියෙකු පැවසීය.මේ පිරිස අතට මත්කුඩු පානයට ඇබ්බැහිවූවන්ද සිටින බැවින් ඔවුන්ට මත්කුඩු නොමැතිව සිටිය නොහැකි බැවින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රථික්ෂේප කරන බව එම නිලධාරීන් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *