Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පුද්ගලයන් 173 දෙනකුට කළ පී.සී.ආර්. පරීක්‍ෂණවලින් ලද වාර්තා අනුව පුද්ගලයන් 114 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරනවා.

පාදුක්ක, බෝපේ, ගලගෙදර, පිටුම්පේ, තුම්මෝදර සහ මාදුලාව යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවත් මේ වන විට පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1200 දක්වා ආසන්න වී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසනවා.

මේ අතර ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3306ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය ගණන 160,714 දක්වා ඉහල ගියා.

ඊයේ දිනයේ මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් 3000 සීමාව ඉක්මවා ගියේ දින 12 කට පසුවයි.

මිට පෙර පසුගිය මැයි 21 වනදා මෙරටින් ආසාදිතයන් 3583ක් වාර්තා වුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *