Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මුහුණු ආවරණ නොපැලඳීම පිළිබඳ ප්‍රශ්න කල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුට පහර දුන් 25 හැවිරිදි පුද්ගලයා වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාවේ සන්තසෝලායි ප්‍රදේශයේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ යතුරුපැදියක ගමන් කරමින් සිටියදී මුහුණු ආවරණයක් පැළඳ නොසිටීම සම්බන්ධයෙන් PHI නිලධාරියා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති බවයි.

එහිදී කෝපයට පත් අදාළ පුද්ගලයා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාට පහර දී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.

මෙලෙස සෞඛ්‍ය සේවකයින්ගේ රාජකාරිවලට බාධා කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *