2020 දෙසැම්බර් 02 වැනිදා අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට චෝදනා තුනක් යටතේ වසර 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම් අධිකරණයෙන් නියම කර තිබෙනවා.
කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස එම පුද්ගලයාව හඳුනාගැනීමෙන් අනතුරුව ඔහුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් හා තවත් සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ ගොස් සිටියා.
එහිදී එම පුද්ගලයා ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් කෙළ ගසා තිබෙනවා.