Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

STF සිදුකළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරු ප්‍රථමයෙන් අපරාධ සඳහා යොමුකල බවට විශ්වාස කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සරත් කුමාර නම් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මුල්ලේරියාවේ තම නිවසේ භූගත බංකරයක සැගවී සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

පසුගිය නොවැම්බර් 12 වනදා වැලිගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ 112 ක් වැටලීමේ සිද්ධියේ 09 වන සැකකරු වන්නේද මෙම තැනැත්තා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

Image
Image

මේ අතර ඝාතන සිද්ධි රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ලොකුගේ ලසන්ත ප්‍රදීප් හෙවත් තංගල්ලේ සුද්දා මීගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ඊයේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

39 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචි සැකකරුට මාතර – මිරිස්ස ප්‍රදේශයේදී අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා ඝාතනයට තැත් කිරීම, 2006 – 2007 වසරවල මාතර ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ඝාතනය කිරීම ඇතුලු චෝදනා රැසක් එල්ලවී තිබෙනවා.

එමෙන්ම ඔහුට නවාතැන් ලබාදීමේ චෝදනාව මත තවත් පුද්ගලයෙකු ඊයේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්