Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එළඹෙන T20 ලෝක කුසලානයේ දී ක්‍රීඩකයන් පස් දෙනෙකුගෙන් කැපී පෙනෙන දක්ෂතා මතු විය හැකි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසනවා.

එම ක්‍රීඩකයන් පස් දෙනා අතරට ඔස්ට්‍රෙලියාව, එංගලන්තය, පාකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් පස් දෙනෙක් ඇතුළත් වනවා.

එම ක්‍රීඩකයන් වන්නේ,

  1. ඩේවිඩ් වෝනර්,
  2. ජෝෂ් බට්ලර්,
  3. මොහොමඩ් රිස්වාන්,
  4. සූර්ය කුමාර් යාදව් සහ
  5. වනිඳු හසරංග යන ක්‍රීඩකයන්

මෙම ක්‍රීඩකයන් අතර සිටින එක ම පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංගයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රීඩකයන් නම් කීරීමේ දී ඔවුන් කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වීම කෙරෙහි බලපාන සාධක ද ප්‍රකාශ කර සිටිනවා.

1. David Warner (Australia)

ඒ අනුව ඔස්ට්‍රෙලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මෙම ලැසිස්තුවට නම් කිරීමට හේතු ලෙස ICCය පවසන්නේ,

“පසුගිය වසරේ දී වෝනර්ට වඩා වැඩි ලකුණු ලබා ගත්තේ පාකිස්තාන නායක බාබර් අසාම් පමණක් වුවත්, වෝනර් සාමාන්‍යයෙන් තම මව්බිමේ ක්‍රීඩා කරන විට වඩා හොඳ ක්‍රීඩකයෙක් වන බවයි.එසේ ම වෝනර් පසුගිය වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී අර්ධ ශතක තුනක් ලබා ගත් අතර, එහි දී ඔහු රැස් කළ ලකුණු 289ක් වන බවත් ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 150කට ආසන්න ප්‍රමාණයක්” බවත් ICCය ප්‍රකාශ කරන්නේ.

2. Wanindu Hasaranga (Sri Lanka)

මෙම ලැයිස්තුවේ දෙවන තැන පසුවන්නේ ශ්‍ර්‍රී ලංකාවේ වනිඳු හසරංග වන අතර, ඔහුව එම ලැයිස්තුවට ඇතුළත් කරන ICCය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයා මේ වන විටත් ඔහුගේ හොඳ ම දස්කම් පෙන්නුම් කර ඇති බවත්, ඔහුට තම කණ්ඩායම වෙනුවෙන් ඔස්ට්‍රෙලියානු තනතීරුවල දී ආධිපත්‍යය පැතිරවීමට හැකියාව ඇති බවයි.එසේ ම හසරංග 2021 පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී කඩුලු 16ක් ලබා ගත්තේ එම තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වෙමින් වූ අතර, අවසන් වූ ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට ජයග්‍රාහීව නිමා කිරීමට ශ්‍ර්‍රී ලංකාවට මනා පිටු බලයක් බව ද ICCය පවසනවා.

මේ අතර, ICCය වැඩිදුරටත් සඳහන් කරන්නේ 225 හැවිරිදි වනිඳුට ඔස්ට්‍රෙලියානු තනතීරු තුළ පන්දුවෙන් විශාල දක්ෂතාවක් දැක්විය හැකි බවත්, මෙවර දීත් ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගන්නා ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට පැමිණෙන බවයි.

3. Jos Buttler (England)

මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවන්නේ විස්සයි විස්ස පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන එංගලන්ත කණ්ඩායමේ නව නායකයා වන ආරම්භක පිතිකරු ජෝෂ් බට්ලර්. ඔහුව එම ලැයිස්තුවට ඇතුළත් කිරීමට හේතු කියන ICCය සඳහන් කරන්නේ, එංගලන්ත නායකයා දැනට ආබාධයකට ලක්ව සිටියත්, එංගලන්ත කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රාහකයින් බවට පත් වීමට අවශ්‍ය කෙරෙන ප්‍රහාරයට නායකත්වය දීමට ඔහු නියමිත වේලාවට සුවය ලබා ගනු ඇතැයි ICCය අපේක්ෂා කරන බවයි.

එසේ ම පසුගිය මාස 12 තුළ බට්ලර් තරම් හොඳ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ලොව වෙනත් කිසිවකු සිටියේ නැති බව කියන ICCය, 32 හැවිරිදි බට්ලර් පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ශතකයක් රැස් කළ එකම ක්‍රීඩකයා ද වනවා.

මේ අතර අවසන් වූ IPL තරඟාවලියේ දී ඔහු අවස්ථා හතරක දී ලකුණු සීයේ සීමාව පසුකළ අතර තම කණ්ඩායම වූ රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් ලකුණු 863ක් ලබා ගත් බව ද ICCය පවසනවා.

නමුත් ඉකුත් ජූලි මාසයේ දී ඉන්දියාවට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගවල දී බට්ලර්ගේ දක්ෂතා උපරිමයට පැමිණුනේ නැතත් ඔස්ට්‍රෙලියානු තනතීරුවල දී එම දක්ෂතා නැවතත් මතු විය හැකි බවට ICCය අපේක්ෂා කරනවා.

4. Suryakumar Yadav (India)

ICCය විසින් නම් කළ මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දිය ප්‍රහාරාත්මක පිතිකරු සූර්ය කුමාර් යාදව්. ඔහු සම්බන්ධයෙන් ICCය ප්‍රකාශ කරන්නේ, 2022 වසර වන විට සූර්යකුමාර් යාදව්ගේ මතුවීම විශ්මයජනක ලෙස පෙනෙන අතර, රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායමේ වඩාත්ම වැදගත්, දක්ෂ දකුණත් පිතිකරුවෙකු ලෙස ප්‍රමුඛ කාර්යය භාරයක් කරන බවයි.

තව ද යාදව් පසුගිය වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී ඉන්දියාව වෙනුවෙන් තරඟ හතරකට පමණක් සහභාගී වූ අතර එහි දී ඔහු ක්‍රීඩා කළ එක් තරගයක දී ලකුණු 42ක් ලබා ගත්තත් ඒ වෙනුවෙන් ඔහුට එල්ල කිරීමට හැකි වූයේ හතරේ පහර තුනක් පමණක් එල්ල කිරීම විවාදාත්මක වූ බවත් නැවත ඔහුගේ පැමිණීම ක්‍රිකට් ලෝකයේ කැපී පෙනෙන එකක් වන බවයි.

එලෙස ම ICCය විසින් නම් කළ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ නවතම සටහනේ 32 හැවිරිදි යාදව් පසුවන්නේ දෙවැනි ස්ථානයේ වන බැවින් ඔහුගේ දක්ෂතා මෙම තරගාවලියේ දී අපේක්ෂා කරන බවක් ICCය පවසනවා.

5. Mohammad Rizwan (Pakistan)

ICCය නම් කළ මෙම ක්‍රීඩක ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ පසුවන්නේ පාකිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් වන අතර ඔහුව ඒ සඳහා නම් කිරීම වෙනුවෙන් ICCය හේතු ලෙස සඳහන් කරන්නේ, ඔහුට වඩා ස්ථාවර T20I පිතිකරුවෙකු සොයා ගැනීම අසීරු බවත් ඔහු මේ වන විට T20I පිතිකරණ ශ්‍රේණිගත ලැයිස්තුවේ පළමුවැන්නා බවට පත් වීම පුදුම සහගත දෙයක් නො වන බවයි.

එසේ ම ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඔස්ට්‍රෙලියානු තනතීරුවල රිස්වාන්ගේ පිත්ත පාකිස්ථානය වෙනුවෙන් විශාල ලකුණු ප්‍රමාණයන් වෙනුවෙන් හඹායනු ඇ ති බවයි.

එසේ ම වර්තමානයේ 30 හැවිරිදි රිස්වාන් 2021 අවසන් වූ T20 ලෝක කුසලානයේ දී අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 281ක් ලබා ගත්තේ ලකුණු 70ක සාමාන්‍යයක් රඳවා ගනිමින් වන අතර, රිස්වාන් බාබර් සංයෝගය මෙම තරගාවලියේ දී පන්දු යවන්නන්ට විශාල අභියෝගයක් වනු ඇතැයි ICCය අපේක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *