එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරට යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, නාවලර් වීදිය ප්‍රදේශයේ දී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ.
වැටලීම සිදුකළ ස්ථානයේ තිබී ඩෙස්ක්ටොප් පරිගණක 05ක් සහ ලැප්ටොප් පරිගණක 05ක් තිබී ත්‍රස්ත විමර්ශන අංශයේ භාරයට ගෙන ඇත.
මේ වන විට අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් කොළඹ බලා රැගෙන එමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.